Wednesday, October 16, 2013

ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග

Pramuditha Madusanka | Wednesday, October 16, 201312:22 AM | | | | |

අප සංනිවේදන කටයුතු සඳහා විවිධ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් භාවිතා කරනවා. ඒ අතරින් ජංගම දුරකථනය සුවිශේෂයි. ජංගම දුරකථන අතර සංනිවේදන කටයුතු සඳහා දුරකථන ජාල මෙන්ම, Bluetooth, WiFi සහ NFC වැනි තාක්ෂණයන් භාවිතා කරනවා. ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූපයක් තවත් ජංගම දුරකථනයකට යැවීම සඳහා ඔබ Bluetooth භාවිත කරන්නේනම් ඒ සඳහා දුරකථන දෙක pair කළ යුතුයි. WiFi වලදී නම් එය තවත් සංකීරණ කටයුත්තක්. නමුත් දැන් ජංගම දුරකථන අතර දත්ත හුවමාරුව සඳහා සරළ ශබ්ද තරංග (Sound) යොදාගත හැකියි.
thoths
thoths
Chirp ලෙස හඳුන්වන මෙම ඇප් එක කලක සිටම iOS සඳහා ජනප්‍රියව තිබෙනවා. නමුත් දැන් එය Android මෙහෙයුම් පද්ධතිය සඳහාද සහය දක්වනවා. ඔබගේ දුරකථනයේ ඇති හඬ ඇසීමේ සහ හඬ නැංවීමේ පහසුකම අපූර්ව ආකාරයෙන් Chirp විසින් භාවිතා කර තිබෙනවා. සරළව පැවසුවහොත් මෙහිදී සිදුවන්නේ ඔබට අනෙක් දුරකථනයට යැවීමට අවශ්‍ය ගොණුව ඩිජිටල් ශබ්දයක් බවට පත් කිරීමයි. ඉන් අනතුරුව එම ශබ්ධය වාදනය කෙරෙනවා. එය ශ්‍රවණය කරන Chirp සහිත අනෙක් දුරකථනය එම හඬ නැවත අදාල ගොණුව ලෙස පරිවර්ථනය කරගන්නවා. මේ ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
sinhala pc apps

Install
සෑම Chirp හඬක්ම පාගේ තත්පර දෙකකට අඩුයි. එමනිසා Chirp බ්ලූටූත් තාක්ෂණයට වඩා ඉක්මනින් භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම මෙය භාවිතා කිරීම සඳහා විශේෂ දෘඩාංගයන් ඔබගේ දුරකථනයේ තිබිය යුතු වන්නේත් නැහැ.
මේ පිළිබඳ කියවීමේදී ඔබට ප්‍රශ්නයක් පැන නගින්න ඇති. බාහිර ශබ්ධ තිබෙන පරිසරයකදී මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයිද ? Chirp හි නිර්මාණ කරුවන් පවසන පරිදි එසේ වන්නේ නැහැ. Chirp වෙතින් වාදනය වන ශබ්ධය ඔබට ඇසිය හැකිනම් අනෙක් දුරකථනයටද එය ඇසීමට හැකියි. ඔවුන් මෙය නිපදවා තිබෙන්නේ බාහිර ශබ්ද සමඟ මනාව ක්‍රියාත්මක වන ආකාරයටයි.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

  1. ඔබේ පැරණි පරිගනකය කුණු කුඩයට නොයවා වැඩ ගන්න හැටි
  2. Thumb-Up-icon වෙන අයගේ ෆේස්බුක් අකවුන්ට් වලින් මැසේජ් යවල ආතල් ගන්නේ මෙහෙමයි ! 100% වැඩ
  3. ලේසියෙන්ම Blog ලියන්න { බ්ලොග් කරන අයට පට්ට බඩුව}
  4. නොපෙනී යන රහස පිළිබද ඔබ නොදත් තොරතුරු
  5. mobile partner අලුත්ම එක වැඩ ගොඩයි
  6. Slow වෙල තියේන Firefox , Chrome හා Skype නැවත 3 ගුණයකින් වේගවත් කරගන්නේ මෙහමයි.
  7. ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතෙක් දුටු අලංකාරම එලාම් ඔරලෝසුව
  8. ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග
  9. Mobile Phone 1න් වැඩ දාමු
  10. අඩු මිලට ඇපල් සමාගමෙන් බජට් ෆෝන් එකක් !
  11. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සිංහල දාමු (Install Sinhala Unicode for Android Device)
  12. නුතන ලෝකයේ මයාකරියන් හමු වෙයි
  13. නැති වන ගුවන් යානා හමු නොවන්නේ ඇයි? {සුපිරිම ලිපියක් අනිවා බලන්න වටිනවා}
  14. අපි නොදන්න ක්‍රිකට්(ක්‍රිකට් ගැන ඔබ නොදත් බොහෝ දේ )
  15. මරණයේ නැගී සිටි ඇත්තන්ගේ අරුම පුදුම කථා
  16. පුදුමයි එත් ඇත්තයි. පලවන කොටස
  17. අඩන හේතුව අම්මට තාත්තාට දැනුම් දෙන උපකරණයක්

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.