
ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි සොෆ්ට් කෑල්ලක්.. අද ගෙනාවේ නොමිලේ දෙන සුපිරිම Converter එකක්. ඇත්තටම මම මේ සොෆ්ට්වෙයා එක ගැන දැනගත්තෙත් බ්ලොග් එකකින්මයි.
දැන් අලුතෙන් චිත්‍රපට වලට සින්හල උපසිරැසි තියනවානේ. ගොඩක් දෙනෙකුට තියන ගැටලුවක් තමයි ඔය සින්හල උපසිරැසි සහිත චිත්‍රපට DvD Player ( TV එකේ බලන්න ) එකක වැඩ කරන විදිහට හදාගන්නේ කොහොමද කියන එක
ඉතින් දැන් මේ දෙන Converter එක ඒ ගැටලුවට හොද විසදුමක් වේවි. මෙම Converter එක හරහා අපිට . srt , .ssa වැනි උපසිරැසි ගොනු සහිත චිත්‍රපට බොහොම ලේසියෙන් රූපවාහිනියේ බලන්න පුලුවන්
විදිහට හදාගන්න පුලුවන්. මෙම Converter එක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක්.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ Free Video Converter එක බාගන්න.
මේකේ Setup ෆයිල් එක නම් Web Installer එකක්. ඒක නිසා Setup ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. එතකොට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා.

මෙහෙමයි සින්හල සබ් ෆයිල් එකක් දාලා Convert කරගන්නේ.
හරි දැන් Free Video Converter එක ඩබල් ක්ලික් කරලා Open කරගන්න.

දැන් Convert කරගන්න ඕන ෆිල්ම් එක Free Video Converter එකට Drag & Drop කරන්න.

එතකොට Video එක Add වෙනවා. ඒත් එතන ඔයාලට පෙනෙයි ” Subtitles Off ” කියලා පෙන්වනවා. ඒක උඩ ක්ලික් කරලා ” Add Subtitles ” ක්ලික් කරලා සබ් එක Add කරගන්න.

ඊලගට Convert කරගන්න ඕණ Format එක තෝරන්න. ( මම තේරුවේ .Avi )

ඊලගට ලැබෙන OutPut Parameters Window එකෙන් TV Quality තෝරන්න. Output Size එක ලොකු වැඩියි වගේ නම් Setting වලට ගිහින් ” Bitrate Type එක Custom තෝරලා Bitrate
අගය අඩු අගයක් දෙන්න.


අවසානයට Convert ක්ලික් කරන්න.


දැන් ඉතින් වැඩේ හරි. Pen එකකට හරි DvD එකකට Burn කරලා බලන්න පුලුවන්.
