Monday, November 17, 2014

හොඳම ෆෝන් එක Apple ද Android ද

Pramuditha Madusanka | Monday, November 17, 201410:00 PM |


වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන අතුරින් වඩාත් ජනප්‍රිය වන්නේ Android හා iPhone දුරකථන වේ. අලුතින් ජංගම දුරකථන මිලදී ගන්නා සිටින බොහෝ දෙනෙකු Android මිලදී ගන්නවාද, නැතහොත් iPhone මිලදී ගන්නවාද යන්න පිලිබඳ දෙගිඩියාවකින් පසුවන අතර දැනට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයන් වෙනත් ජංගම දුරකථනයක් සඳහා මාරු වීමට යාමේදීත් "වඩා හොඳ" ජංගම දුරකථනය පිලිබඳ තීරණය කිරීමට දෙගිඩියාවෙන් පසුවෙති.


most popular sinhala web http://sinhalapc.tk

මේ සම්බන්ධව CNN වෙබ් අඩවිය මගින් සිදු කළ සමීක්ෂණයක් මගින් විවිධ කටයුතු කිරීම අතින් Android හා iPhone දුරකථන ඉදිරියන් සිටින්නේ කුමන දුරකතනයද යන්න පෙන්වා දී තිබේ.


APPS භාවිතය 

Apps කළමනාකරණය අතුරින් Android දුරකථන ඉහල තැනක් ගනී. වැඩි පුර භාවිතා කරන ඇප්ස් වලට ප්‍රමුඛතාවයක් ලබාදීමටද android apps drawer එක මුල්තැනක් ලබාදී තිබේ.



දුරකථන ඇමතුම් ගැනීම 

දුරකථන නාමාවලිය Android දුරකථන වල ඉතා අලංකාර ලෙස "ප්‍රියතම ඇමතුම්" පෙන්වා තිබුනත් ඇපල් දුරකථන වල "face time" විශේෂාංගය නිසාවෙන් ඇපල් අයි ෆෝන් ඉදිරියෙන් සිටී.



ඡායාරූප ගැනීම 

ඡායාරූප ගැනීම අතින් අයි ෆෝන් දුරකථනය ඉදිරියෙන් සිටින අතර ඡායාරූප කලමනාකරණය අතින් ඉදිරියෙන් සිටින්නේ Android දුරකථන වේ. 


දුරකථන නාමාවලිය 

දුරකථන නාමාවලිය අතින් ඇපල් හා android දුරකථන දෙකම සම තත්වයේ පසුවේ. ඇපල් දුරකථන දුරකතනයේ ඇති සම්බන්ධතා සඳහා ෆේස්බුක් සමග සම්බන්ධ වී ඡායාරූප එකතු කිරීම වැනි පහසුකම් සලසා දුන්නත් android දුරකථන සඳහා එය සිදු කිරීමට වෙනත් app එකක් භාවිතා කිරීමට සිදුවේ.


මාර්ගය සොයාගැනීමට 

මාර්ගය සොයා ගැනීම සඳහා අවිවාදයෙන් ඉදිරියෙන් සිටින්නේ Google Maps ය. Google Maps අයි ෆෝන් සඳහා සහය දැක්වුවත් "සිරි" සඳහා එය සහය නොදක්වයි


Email යැවීමට 

email යැවීම අතින් පහසු හා සරල පරිශීලක මුහුණතක් අයි ෆෝන් භාවිතා කරන අතර එය Android වලට වඩා ලේසි හා පහසු වේ. 


Torch එක ඔන් කරගන්න 

අයි ෆෝන් තුල ඉතා පහසුවෙන් දුරකතනයටම පැමිණෙන අංගයක් වුවත් Android සඳහා බොහෝවිට වෙනත් app එකක් භාවිතා කිරීමට සිදුවේ.


ආරක්ෂාව 

අයි ෆෝන් වල ඇඟිලි සලකුණ මගින් දුරකතනයට ඇතුළුවීමේ ඔඅහසුකම ඇත. Android සඳහා මුහුණ පෙන්වා දුරකථනය වෙත පිවිසීමට අවස්තාව සලසා දී තිබුනත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. 


ගීත වාදනය 

Android සතුව හොඳ ගීත වාදන App එකක් තිබුනත් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ Google music නොව Apple I tunes ය.


Notification

Notification අතින් Android දුරකථන ඉදිරියෙන් සිටී. අනවශ්‍යය Notification ක්ෂණයෙන් ඉවත් කිරීමට Android තුල හැකිවුවත් iphone වල එය මහත් හිසරදයකි.


සෙවීම 

Android හා iphone ජංගම දුරකථන දෙකම සම තැන ගෙන ඇත


Voice Command 

ඇපල් සිරි පරදා අන්තර්ජාලය නොමැතිවවත් වැඩ කරන ගූගල් now ඉදිරියෙන් සිටී.


වේලාව බලාගැනීමට 

වේලාව බලාගැනීම අතින් Android ඉදිරියෙන් සිටී. ඇතැම් android ජංගම දුරකථන සාක්කුවෙන් එලියට ගත්විට ස්වයංක්‍රීයව වේලාව පෙන්වීමට කටයුතු කරයි


Type කිරීම 

Android කී බෝඩ් එක අයි ෆෝන් කී පෑඩ් කට වඩා ඉදිර්යෙන් සිටී. 


දුරකථනය නිශ්ශබ්ධ කිරීම 

දුරකථනය නිශ්ශබ්ධ කිරීමට ඇයි ෆෝන් දුරකථනයේ වෙනම Button එකක් ඇත. Android සඳහා දුරකථනය unlock කොට වෙනම මෙනුවකට යාමට අවශ්‍යය වේ.






http://gossip.shaafm.lk/ copy by

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top