අප ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා විවිධාකාර ඇප්ස් භාවිතා කළත් alarm app එකක් ගැන සිතනවා අඩුයි. නමුත් වේලාව බැලීමට ඔරලෝසුවකට අමතරව තවත් පහසුකම් රැසක් ඔබ වෙත සපයන ඇප් එකක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට එක් කර ගැනීමට ඔබ අකමැති වන එකක් නැහැ. මෙම ඇප් එකේ විශේෂත්වය වන්නේ අප මෙතෙක් දුටු අලංකාරම alarm clock ඇප් එක මෙය වීමයි.
Timely යෙනුවෙන් නම් කර ඇති මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉතා අලංකාර පෙනුමක් එක්කර දීමටද සමත්. එලාම් ඔරලෝසුවට අමතරව clock widgets, stopwatch එකක් සහ timer එකක්ද Timely හරහා ඔබගේ දුරකථනයට ලැබෙනවා. අලංකාර තීම් රැසක් මේ සමඟ අන්තර්ගත නිසා ඔබ කැමති වර්ණ සහිත ඇනිමේටඩ් තීම් එකක් භාවිත කරන්නට පුළුවන්. මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට මෙන්ම ටැබ්ලට්ස් වලටද මනාව ගැලපෙනවා. පහත සබැඳියෙන් Google Play Store වෙත ගොස් මෙය නොමිලේම බාගත කරගැනීමට ඔබට පුළුවන්.
මෙය Alarm, Clock සහ Stopwatch / Timer ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. තිරය වමට සහ දකුණට swipe කිරීම මගින් ඒවා වෙන වෙනම ලබා ගැනීමට පුළුවන්.


