Monday, September 30, 2013

Youtube video එකක ඇති subtitle එකක් වෙන් කරගන්නා හැටි………

Pramuditha Madusanka | Monday, September 30, 20133:25 AM | | |

බොහෝ දෙනෙක් දිනපතාම යන වෙබ් අඩවි අතරින් එකක් තමයි Youtube කියන්නේ. කාලයත් එක්ක Youtube වෙබ් අඩවියත් ටිකෙන් ටික දියුණු වුනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට අද Youtube හි ඇති බොහෝ වීඩියෝ විවිධ භාෂාවල උපසිරැසි හෙවත් Subtitle සමඟ නරඹන්න, Youtube වෙත දිනපතා එන සෙනගට හැකියාව ලබාදී තිබෙනවා. පහළ ඇති ස්ක්‍රීන්ශොට් එක බලන්න,
Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........
ඒත්, මේ උපසිරැසි අපිට කෙළින්ම උපසිරැසි ගොනුවක් (Srt) ෆයිල් එකක් විදියට කෙලින්ම Youtube හරහා ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඇත්තටම අපිට Youtube වීඩියෝවකට සිංහල උපසිරැසි දාන්න හිතුනොත්, අපිට වීඩියෝව ඩවුන්ලෝඩ් කරලා, ටයිම්ලයින් එකම ආපහු හදන්න සිදුවෙනවා. ඒත් මේ English Subtitle එක අපිට වෙනම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නම් අපිට බොහොම ලේසියෙන්, English Sub තියෙන ඕනෑම වීඩියෝවකට සිංහල සබ් දාන්න පුලුවන්. අන්න ඒ විදියට වීඩියෝවක ඇති English sub එක වෙනමම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ.
1)මුලින්ම ඔයාලා මේ පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක ජාවා වලින් නිර්මාණය කර ඇති නිසා ඔබේ Computer එකේ ජාවා තිබීම අනිවාර්යයි.
Download102 downloads
2)මෙය ඩවුන්ලෝඩ් කරගත් විට ලැබෙන RAR ගොනුව Extract කරන්න.
3)දැන් ඒ තුල ඇති run නැමති bat ෆයිල් එකට ඩබල් ක්ලික් කරන්න.
4)එවිට පහල ආකාරයේ වින්ඩෝවක් දිස්වේවි
Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........
5)මෙහි Google Subtitle කියන තැනට ඔබට Subtitle ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය Youtube Video එකේ Link එක දෙන්න.
6)දැන් Read නම් බටන් එක ක්ලික් කරන්න. එවිට Tracks නම් බොක්ස් එකේ වීඩියෝවට අදාලව ඇති සියලුම උපසිරැසි පෙන්වයි.
7)දැන් Srt Subtitle යන්නට පහලින් ඇති විවිධ රටවල කොඩි අතරින් ඔබට අවශ්‍ය භාෂාවට අදාල රට තෝරන්න. (En එක Auto Select වී පවතී)
8)Browse නම් බටන් එකෙන් Subtitle File එක සේව් වීමට අවශ්‍ය ස්ථානය තෝරන්න.
9)දැන් Go නම් බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබ තේරූ ස්ථානයේ අදාල උපසිරැසිය සේව් වී ඇති බව දැකීමට හැකි වේවි. සාමාන්‍ය ආකරයට Notepad හෝ Sub Editor එකක් මඟින් මෙය විවුත කර ගැනීමට හැක.




If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top