Saturday, September 28, 2013

මොකක්ද මේ Google Music

Pramuditha Madusanka | Saturday, September 28, 20139:29 PM | | |


Google Music beta.… මම නම් මේ ගැන දැන ගත්තේ ගොඩක් කලින්. ඒත් Google plus ආගමනයත් එක්ක මට හිතුනා පොඩ්ඩක් Google Music ගැන ආයෙමත් ටිකක් විපරම් කරලා බලන්න. මොකද මට දැන් දැන් හිතෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනාගතය ටිකෙන් ටික Google දෙසට යොමුවෙමින් තියෙන බව. මගේ ජීවිතේ නම් වැඩිහරියක් ගතවෙන්නේ අන්තර්ජාලයේ. ඉතින් පරිගණකය ඉස්සරහා ඉඳගෙන වැඩක් කරනකොට හරි එහෙමත් බස් එකේ කෝච්චියේ ගමනක් යනකොට හරි මම නිතරම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නේ. මට විතරක් නෙවෙයි සංගීතය අපි හැමෝටම සමීපයි. ඉතින් ඒ අපි හැමෝටම සමීප සංගීතය Google විසින් වඩාත් සරල ක්‍රමයකට අපිට ගේන්නයි Google Music හඳුන්වා දුන්නේ කියලා කියන්න පුළුවන්.
සරලව කියනවා නම් Google Music හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ රසාස්වාදනය අනුව හැඩගැහුනු ගීත වලට ලෝකේ ඕනම තැනක ඉඳන් සවන් දෙන්න. Google Music භාවිත කරන්න නම් මුලින්ම ඔයාලට Google account එකක් තියෙන්න ඕන. ඔයාලගේ Google account එක භාවිත කරලා GoogleMusic වලට ඇතුළු වෙලා Google Music Manager මෘදුකාංගය ඔයාලගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕන. ඒ මෘදුකාංගය හරහා ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ පරිගණකයේ ඇති සියළුම ගීත (හෝ තෝරාගත් ගීත පමණක්)Google Music වෙත upload කරන්න. තවත් දෙයක් නම් ඔයාලගේ iTunes වල ගීත, Windows Media Player හි Play lists වගේ ගොඩක් විධි වලින් ඔයාලගේ Google Music ගිණුමට ගීත එකතු කරගැනීමේ පහසුව Google සමාගම විසින් සලසා දී තියෙනවා. මෙලෙස ගීත upload වීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ පසුබිමින්. ඒ කියන්නේ ඒ අතරතුරේ දී සාමාන්‍ය පරිදි පරිගණකයෙන් වැඩකටයුතු සිදුකරන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. තවත් දෙයක් නම් පරිගණකයට අප ගීත ඇතුලත් කළ විට එම ගීත ස්වයංක්‍රීයව Google Music වෙත upload වීම ද සිදුවන ලෙස සකස්කිරීමට හැකිවීම මෙහි විශේෂත්වය යි.
අනතුරුව Google Music වෙත අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඔයාගේ නිවසේ පරිගණකයේ ඇති ගීත මඟතොට යන එන විට වුවද අහන්න පුළුවන්. Android මෙහෙයුම් පද්ධතිය මත නිර්මාණය වුනු මෘදුකාංගයක් තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාල සම්බන්ධතාව නැති වෙලාවක වුනත් ඔයා කලින් එකවතාවක් හරි අහපු ගීත ආයෙමත් අහන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඒත් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ලංකාවට ඒතරම් ගැලපෙන දෙයක් නෙවෙයි කියලා. මොකද ලංකාවේ දැනට Bandwidth වලට ගෙවන්න වෙන මුදල ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ටිකක් සැර වැඩියි. ඒත් බලන්නකෝ කාලයත් එක්ක ගොඩක් අඩු මුදලකට අන්තර්ජාලය භාවිතකරන්න අපිට අවස්ථාව ලැබේවි. එතකොට නම් මේ නිර්මාණය ගොඩක් වැදගත් වේවි. මම කලින් කියපු හේතුව නිසාමද කොහෙද දැනට නම් මේGoogle Music භාවිත කරන්න ලංකාවේ අපිට අවස්ථාව නෑ. දැනට පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ අයට විතරයි. ඒත් ලඟදිම ඒවි. බලාගෙන ඉන්නකෝ. 

 
ආ මේකට ඍජුවම අදාල නැති වුනත් මේකත් කියන්න ඕන…. මම Google Plus වලට, Google Music වලට, Googleහැම අන්තර්ජාල සේවයක්ම එක්තැනකට ගේන්න හදන එකට ගොඩක් කැමතියි. ඒත් ගොඩක් අය මට කියන්නේ මට ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලා ලු. මොකද එයාල කැමති නෑ Facebook දාලා යන්න. ඒත් මම කියන්නේ Facebook එකටම ඇලිලා ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න බලන්න. මම දන්නවා කවුරුත් වෙනස් වෙන්න අකමැතියි. අවස්ථිතිය කියන්නේ ඕකට නේ. ඒත් වෙනස් වෙන්න උත්සහ කරන්න. අලුත් විදියකට හිතන්න. ඉස්සර ඉඳන්ම ලෝකයම වෙනස් කරන්න උර දුන්නේ වෙනස් විදියට හිතපු පුංචි මිනිස්සු බව මතක තියාගන්න.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top