ඔබ දැන් බාවිතා කරන්නේ වර්තමාන වෙළද පොලේ ඇති ප්‍රබලම පරිගනකයයක් විය හැකිය.ඔබේ දැනට බාවිතා කරන පරිගනකයේ ප්‍රබල හා කාර්යක්ෂමතාවය නිසා ඔබේ පැරණි පරිගනකය ඔබේ පැරණි බඩු එකතුවේ පවතිනවා විය හැකමෙම ලිපියේ අරමුණ නැවතත් ඔබේ කටයතු සදහා බාවිතා කල හැකි ආකරය හදුන්වාදීමයි.
ඔබේ පැරණි පරිගනකයට ලින්ක් මෙහයුම් පද්දතියක් ස්ථාපනය කර බාවිතයට ගැනීම
ඔබේ සතුව ඇති පැරණි පරිගණකය බාවිතයට ගත හැකි එඑක් සැහැල්ලු ක්‍රමයක් වන්නේ සැහැල්ලු ලින්ක් මෙහයුම් පද්දතියට එක් කිරීමයි.මේ සදහා ඇති හොදම මෙහෙයුම් පද්දති 2 වන්නේ
- puppy linx
- උබුන්ටු වේ
puppy linx යනු ඉතා කුඩා නොමිලේ දෙන මෙහෙයුම් පද්දතියකි.මෙම මෙහෙයුම් පද්දතිය සම්පුර්ණ office මෘදුකාංග එකතුව සමග ස්ථාපනයට අවශ්‍ය වන්නේ 250 ඹ් තරම් කුඩා ඉඩකි.256mbවැනි ram දාරිතාවක් සහිත හර්ඩ් ඩිස්ක් එකක් සහිත මෙම පරිගණකය සුමටව හා වේගවත්ව ක්‍රියාකරයි.තවද හර්ඩ් ඩිස්ක් එකක් නොමැති පරිගනකයකදී මෙම මෙහෙයුම් පද්දතිය පෙන් drive එකකට හෝ cd එකක් මගින් බූට් කර බාවිතයට ගැනීමට පුලුවන්.මෙම මෙහෙයුම් පද්දතියත් සමග ඔබට අවශ්‍ය මෘදුකාංග එකතුවක් දක්ක්නට ලැබේ.පරිගනකය මීඩියා සෙනෙටර් එකක් බවට පත් කර ගැනීමට,මුලික ලින්ක් බාවිතයන් ඉගෙන ගැනීමට හා අනිකුත් කාර්යන් ඔබේ පැරණි පරිගණකය හරහා ඉටු කර ගැනීමට මෙම මෙම මෙහෙයුම් පද්දතිය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
උබුන්ටු යනු නම් ඉතා ජනප්‍රිය ලිනක්ස් මෙහයුම් පද්දතියක් මුලික කරගෙන නිර්මාණය කර ඇති සැහැල්ලු මෙහයුම් පද්දතියකි.puppy ලිනික්ස් සමග සැසදීමේදී ඊට වඩා තරමක් ප්‍රබල මෙහයුම් පද්දතියක් ලෙස මෙය හදුන්වන්න පුළුවන් 512mb ram සහිත පරිගනකයක මෙය ඉතා හොදින් ක්‍රියාත්මක කර විය හැකිය.ඔබේ පැරණි පැරණි පරිගණකය නවීන පහසුකම් රැසක් සහිත පරිගනකයක් බවට පත් කිරීමට නම් උබන්ටු ඉතා හොද තේරීමකි.
ඔබේ පරණ පරිගනකය සේවෙර් එකක් ලෙස බාවිතා කිරීමට
ඔබ සතුව පැරණි පරිගනකයක system unit එකක් පමණක් තිබේද ? මොනිටර් එකක් නොමැති නිසා එම පරිගණකය බාවිතා නොකර තිබේද ?එම පරිගණකය සතුව විශාල දරිතාවක් සහිත හාඩ් ඩිස්ක් එකක් තිබේද ?
එසේ නම් ඔබේ පැරණි පරිගනකය සර්වර් එකක් බවට පත් කරගෙන එම හර්ඩ් ඩිස්ක් එකේ හා උපාංග වලින් උපරිම පල ගැනීමට හැකිවනු ඇත.මේ සදහා ඔබේ පැරණි පරිගනකයේ network කාර්ඩ් එකක් තිබිය යුතුය.නැත්නම් ඔබ ඉතා සුළු මුදලකට වෙළද පොලෙන් network card එකක් පැරණි පරිගණකයට සම්බන්ද කල හැකිය.ඉන් පසු ඔබේ පැරණි පරිගනකයට හා අලුත් පරිගණකයට හා අලුත් පරිගනකයට tight vnc නම් නොමිලේ ලබාදෙන මුදෘකාංග ස්ථාපනය කර පරිගගණක 2 අතර network කේබල් එකක් අදාරයෙන් සමබන්ද කර tight twc මෘදුකාංගයට අදාල සැකසුම් නිසිලෙස සිදු කල පසු ඔබේ අලුත් පරිගනකය තුලින් තිරය තුලින් ඔබේ පැරණි system unit එකෙහි මෙහෙයුම් පද්දතිය මත ඔබේ කාර්යන් ඉටු කරගත හැක.ඔබ සතුව මොනිටර් එකක් නොමැතිව පැරණි seystem unit එකක් පවතීනම් ඔබේ පැරණි පරිගනකය සර්වර් එකක් බවට පත් කර ගැනීම හරහා පැරණි පරිගනකයේ දෘඩාංග බාවිතා කිරීමට ඔබට අවසත්වක් ලැබෙනු ඇත.
ඔබ මෙයින් යම් කිසි දෙයක් ඉගෙන ගත්තනම් ඔබේ අදහස් comment කිරීමට තරම් කාරුණික වන්න.