ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සිංහල දාමු (Install Sinhala Unicode for Android Device)
මේක හැබැයි කරන්න පුලුවන් ROOT කරලා තියෙන ෆොන්ස් වලට විතරයි හොදේ..
1 පියවර. මුලින්ම ගිහින් DroidSamFallback කියන ෆොන්ට් ෆයිල් එකයි RootExplorer කියන ඇප් එකයි බාගන්නකෝ. (ලින්කු ටික පහලින් දෙන්නම්. මට මේකේ ලින්කු දාන විදිහ ගැන වැඩි පැහැදීමක් නැහැ අප්පා ඒකයි අවුල. එකෙන්ම ගොඩ යන්න දෙන්නම්.)
2පියවර. ඊලගට ඔයා ෆයිල් දෙකම ඔයාගේ මෙමරි කාඩ් එකට කොපි කරගන්න.
3 පියවර. ඊලගට RootExplorer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න
4 පියවර. ඊලගට RootExplorer ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරනකොට සුපයි යූසර් පර්මිෂන් ඉල්ලයි. ඒකත් යස් දීලා ඇතුලට යන්න
5 පියවර. ඊලගට පෙන්නයි ෆොල්ඩර් ටික. එකෙන් ඔයා sdcard කියන එකට ගිහින් ඔයා ෆොන්ට් ෆයිල් එක කොපි කරගත්තු තැනට න්න.
6 පියවර. ඊලගට ඔයාගේ ෆොන්ට් ෆයිල් එක තත්පර දෙකක් විතර ටච් කරගෙන ඉන්න එතකොට එයි වින්ඩෝ එකක්. ඒකේන් COPY කියන එක ටච් කරන්න.
7 පියවර. ඊලගට ඔයා බැක් යන්න. ඒ කිවුවේ ආපස්සට. ඊලගට ඔයා system කියන ෆොල්ඩර් එකට ගිහින් ඒ කේ ඇති font කියලා ෆෝල්ඩර් එකක් එක ඕපන් කරගන්න
8 පියවර. ඊලගට උඩම ඇති Mount R/W කියලා එකක්. ඒක ටච් කරන්න. එතකොට ඒක Mount R/O වෙයි. එහෙම උනා නම් හරි.
9 පියවර දැන් යට තියෙන Paste බටන් එක ටච් කරන්න. එතකොට රිප්ලේස් කරන්න අහයි. යස් දෙන්න..
10 පියවර. එච්චරයි දැන් ෆොන් එක රීස්ටාර්ට් කරලා බලන්න. සිංහල තියෙන සයිට් එකකට ඇවිල්ලා හරි නැත්තම් ඔය සිංහල උපසිරැසි තියෙන ෆිල්ම් එකක් බලන්නකෝ. එහෙම නැත්තම් ඔය මං දෙන සිද්‍රවක් අරන් බලන්නකෝ සිංහල උපසිරැසියත් එක්ක. (ඇඩ් එකකුත් දැම්මද මන්දා ලොල්) කලින් කොටු කොටු වැටුන ඒවා දැන් ලස්සනට සිංහල වෙලා පෙනෙයි..