Friday, October 4, 2013

IDM මට්ටු කරමු

Pramuditha Madusanka | Friday, October 4, 20132:27 AM |

image

ඔයාලටත් මෙහෙම වෙලා ඇති. සමහර විට නැතුවත් ඇති. ඒ කොහොම වුනත් කවද හරි මේක වෙන්න පුලුවං ) ඒක නිසා ඔයාල හැමෝටම මේක වැදගත් වෙයි කියල හිතනව. හැමෝම දන්නවනෙ ඉතිං අයි ඩී එම් නම් ඩව්න්ලෝඩ් ඩව්න්ලෝඩ් නම් අයි ඩී එම් තමයි කියල. ගොඩක් අයට ඒක නිසා මෙයාව නැතුවම බෑ. මට නම් තාම මේ වගේ ස්පීඩ් වෙන ඩව්න්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයාර් එකක් සෙට් වෙලා නෑ. හොද දේට හොදයි කියන්න එපැයි. ඒ වගේම එයාල මේ සොෆ්ට්වෙයාර් එක ෆ්‍රී නොදීම හෙලා දකිනව  හරි බයිල ඇති දැන් මාතෘකාවට බහිමු. 

මම මේ කියන්න යන්නෙ ඔය උඩින් ඉමේජ් එකේ දාල තියන සීන් එකට සොලියුෂන් එක. මේක ඉතින් දවස් ගානක් කට්ට කාල මම ම හොයා ගත්ත එකක් තමයි. මට කලින් ඉතින් වෙන කව්රු හරි හොයා ගත්තද දන්නෙ නෑ  හැබැයි මීට අවුරුදු 2 ක 3 කට කලින් තමයි මම ඕක හොයා ගත්තෙ. කම්මැලි වගේ හිතුන නිසා ලගක් වෙනකම්ම කොහෙවත් ලිව්වෙත් නෑ. අයි ඩී එම් එකෙන් ගොඩක් අය තඩි ෆයිල්ස් බාලවනෙ ගිගාබයිට් ගනන් වල. ඉතින් ඉදල හිටල ජී බී ගානක් බර ෆයිල් එකක් බානකොට උඩින් දාල තියන ඉමේජ් එකේ වගේ ඩව්න්ලෝඩ් එක මග නැවතුනාම මාර ෆන් නෙ  ඉතින් මටත් ඕක වෙලා තියනව ඕනි තරම්. ඒ වුනාට මට කවදාවත් ඒ ෆයිල් මුල ඉදන් බාන්න ඕන වුනේ නෑ. ඒක නිසා මම හැම බ්ලොග් එකේම වගේ මේකට විසදුමක් හෙව්ව. ඒත් එකකවත් මට අවශ්‍ය දේ තිබුනෙ නෑ. ඒත් මෙහෙම වෙන්නෙ මේ ෆයිල් වල අග කොටස කරප්ට් වෙන නිසා කියන එක මම හොයා ගත්ත. ඒ වෙලාවෙ මට හිතුන ඉතින් මේ කරප්ට් වෙච්ච ටික අයින් කර ගත්ත නම් වැඩේ ගොඩ නේද කියල. මොකද අයි ඩී එම් එකේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙ කොටස් කීපයකට වෙන් වෙන් වශයෙන්. අවසානෙට තමයි මේ කොටස් ටික එකට එකතු වෙලා අපේ සම්පූර්ණ ෆයිල් එක ඩව්න්ලෝඩ් කම්ප්ලීට් වෙන්නෙ. ඒත් එක ෆයිල් එකක හරි අග කොටසක් කරප්ට් වුනොත් මේ කොටස් ටික ජොයින් වෙන්නෙ නෑ. මේ වගේ වෙලාවට තමයි ඩව්න්ලෝඩ් එක මග හිර වෙන්නෙ. ඉතින් මම හිතුව මේ හැම කොටසකින්ම අගින් පොඩි කොටසක් කපල ඉවත් කර ගත්තොත් වැඩේ ගොඩ යයි කියල. ඉතින් මේක කරන්න නම් මුලින්ම මෙ ෆයිල් කොටස් කොහෙද සේව් වෙලා තියන්නෙ කියල අපි දැනගෙන ඉන්න එපැයි. තාවකාලිකව බාගෙට ඩව්න්ලෝඩ් වෙච්ච ෆයිල් තියෙන තැන හොයා ගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම අයි ඩී එම් ඕපන් කර ගන්න

2. දැන් ඩව්න්ලෝඩ් කියන ටැබ් එකේ මෙනුවෙ යටම තියනව ඔප්ෂන් කියල එකක් ඒකට යන්න.

3. දැන් එන වින්ඩෝ එකෙන් සේව් ටු කියන ටැබ් එක තෝරන්න. ඒකෙ ඇති IDM temporary directory කියල එකක් ඒක කොපි කරල වින්ඩොස් එක්පොලෝරර් එකේ පේස්ට් කරල එන්ටර් කරන්න.(IDM temporary directory එකට යන්න කොහොම හරි.  )
example, C:\Users\rixpro\AppData\Roaming\IDM\DwnlData\ 
මේකට ගියාම ඔයාලට පෙනෙයි තාම ඩවින්ලොඩ් කරල ඉවර වුනේ නැති ෆයිල්ස් සහ ඩව්න්ලෝඩ් කරල ඉවර වුන ඒවල ලොග් ෆයිල් විතරක් මේ ෆෝල්ඩර් එකේ තියනව. තාම ඩව්න්ලෝඩ් කරන ඒවල නම් ෆයිල් කොටස් කීපයක් විදියට අදාල ෆොල්ඩර් එකේ තියනව. 

4. ඉතින් දැන් ඔයාල කොහොම හරි ඩවින්ලෝඩ් කරන ෆයිල් එකට අදාල ෆොල්ඩර් එක මෙතනින් හොයා ගන්න ඕන. ගොඩක් විට ඔයාල ඩව්න්ලෝඩ් කරන ෆයිල් එකේ නමේ කොටසක් එක්ක ෆොල්ඩර් එකක් ඇති. දැන් ඒ ෆොල්ඩර් එක ඇතුලට ගියාම එක්ස්ටෙන්ෂන් එකක් නැති ෆයිල් කීපයක් සහ ලොග් ෆයිල් එකක් ඔයාලට දැක ගන්න පුලුවං. මේ ලොග් ෆයිල් එක නම් අපිට වැඩක් නෑ. කරදරයක් වගේ නම් ඩිලීට් කරල දැම්මත් කමක් නෑ. දැන් මෙතන තියන අනෙත් ෆයිල් කොටස් කීපය සම්බන්ධ වෙලා තමයි ඔයා ඩවුන්ලෝඩ් කරන සම්පූර්ණ ෆයිල් එක හැදෙන්නෙ. ඉතිං මෙතනින් මොකක් හරි කරප්ට් වුනු නිසා තමයි ඩව්න්ලෝඩ් එක කම්ප්ලීට් වෙන්නෙ නැත්තෙ. ඒ කියන්නෙ අයි ඩී එම් එකට ෆයිල් කොටස් ටික ජොයින් කරල එක ෆයිල් එකක් හදන්න බෑ. ඒක නිසා අපි මේ ෆයිල් වල කරප්ට් වෙච්ච තැන ඉවත් කර ගන්න ඕන. ගොඩක් වෙලාවට මේ ෆයිල් කොටසක අන්තිම ටික තමයි කරප්ට් වෙන්නෙ. අපිට අන්තිම ටික වෙනම කපල ගන්න ක්‍රමයක් නැති නිසා මේක කොටස් කීපයකට වෙන් කරන් එකෙනුත් අන්තිම ටික ඩිලීට් කරාම හරි. 

සරලව ගත්තොත් මේ විදියට.

හිතමු අපි A කියල ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර කර හිටිය අයි ඩී එම් දාල. දැන් ඒක කරප්ට් වෙලා තියෙන්නෙ.

A කියන ෆයිල් එක තාම X1 X2 X3 X4 etc.... විදියට IDM temporary directory එකේ තියෙනව කොටස් වශයෙන්.

X1, X2, X3 හෝ X4 කියන ෆයිල් අතරින් එකක හෝ කීපයක් අග කොටස් කරප්ට් වෙලා. ඒත් ඒ මොකක්ද කියල අපි හරියටම දන්නෙ නෑ. හොද මොකක්ද නරක මොකක්ද කියල හොයා ගන්න බැරි නිසා අපි ඒ හැම එකකම කොන කපන්න යන්නෙ. ( නෑ නෑ ඒ කොන නෙමෙයි )

ඉතින් අපිට එකපාරටම කොන කපන්න බැරි නිසා අපි මේ X1 කියන ෆයිල් එක අරගෙන file splitter & joiner වර්ගයේ සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරල කෑලි කීපයකට කඩා ගන්නව. උපරිම කෑලි 999 කට කඩා ගන්න පුලුවං. ඒත් ෆයිල් එක කඩා ගන්න කොට එක කොටසක් 512 කිලෝබයිට් වත් හිටින විදියට ස්පිලිට් කර ගන්න. නිකමට හිතමු ෆයිල් 3 කට කඩා ගත්තෙ කියල.

X1.001 
X1.002 
X1.003

මෙන්න මේ විදියට ඔයාට ෆයිල් 3 ක් ලැබෙයි. මේකෙන් X1.003 කියන එක තමයි කොන. ඉතින් මේක ඩිලීට් කරල දාන්න. ඊට පස්සේ ආයෙත් file splitter & joiner එක භාවිත කරල ඉතුරු ෆයිල් 2 ජොයින් කර ගන්න. 

මේ වැඩේම X2 X3 X4 etc.... යන ෆයිල් වලටත් කරන්න. 

යූ ඕල්මෝස්ට් ඩන්!!!  

දැන් අයි ඩී එම් ඕපන් කරල එහෙම ඩව්න්ලෝඩ් එක රිසියුම් කරන්න.

වැඩේ හරි ගියොත් කමෙන්ට් එකක් එහෙම දාන්න ඕන හරිද.

Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top