ඕණෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙන්ම ජංගම උපාංගයකද විවිධාකාර වෝල්පේපර්ස් තිබෙනවා. නමුත් කාලයක් යන විට අපගේ ඇසට ඒවා හුරු වීම නිසා පෙර තිබූ චිත්තාකර්ෂණීය භාවය නැති වී යනවා. නමුත් අප නිරතුරුව අලුත් වෝල්පේපර්ස් භාවිත කරනවානම් සෑමදාම නැවුම් බවකින් යුතුව පරිගණකය භාවිතා කළ හැකියි. Google Image Search වලින් වෝල්පේපර්ස් බාගත කළත් ඒවා ඔබේ පරිගණක තිරය හා නොගැලපෙනවා විය හැකියි. එසේත් නොමැතිනම් ගුණාත්මක භාවයෙන් අඩු පින්තූර විය හැකියි. මේ ගැටළු නැතිව High quality wallpapers නොමිලේම බාගත කරගැනීමට ඉඩ සලසා දෙන වෙඩ් අඩවි 5ක් පහත ඉදිරිපත් කොට තිබෙනවා.මෙම වෙබ් අඩවි වලින් ඔබගේ පරිගණකයේ තිරයට මෙන්ම ජංගම උපාංගයේ තිරයටද ගැලපෙන වෝල්පේපර්ස් බාගත කළ හැකියි.
InterfaceLIFT Wallpapers

ඔබගේ ජංගම දුරකථනයටත්, ඩෙස්ක්ටොප් පරිගණකයටත් අලංකාර HD wallpapers ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුවෙන්ම භාවිතා කළ හැකි වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය හැඳින්විය හැකියි. ඔබගේ තෝරාගැනීම් අනුව වර්ග ගණනාවක වෝල්පේපර්ස් විශාල ප්‍රමණයක් මෙම වෙබ් අඩවිය සතුයි. dual හෝ triple screen sized වෝල්පේපර්ස් බාගත කිරීම සඳහා මෙය හොඳ වෙබ් අඩවියක්.
Vladstudio Wallpapers

අන්තර්ජාලයේ ඇති හොඳම වෝල්පේපර් වෙබ් අඩවි වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඔවට අවශ්‍ය ආකාරයේ පරිගණක භාවිතයෙන් නිර්මාණය වූ වෝල්පේපර්ස් විශාල ප්‍රමාණයක් මෙහි දැකිය හැකියි. සාමාන්‍ය ඡායාරූප වලට වඩා පරිගණකාශ්‍රිත නිර්මාණ වලට වැඩි කැමැත්තක් දක්වන අයට මෙම වෙබ් අඩවිය බොහෝ ප්‍රයෝජනවත් වේවි. ඔබගේ උපකරණයේ තිර විභේදනයන්ට අදාල වන අන්දමින් වෝල්පේපර්ස් බාගත කිරීමට මෙහි ඉඩ සලසා තිබෙනවා.
Wallbase Free Wallpapers

මෙය තවත් එක් ජනප්‍රිය වෝල්පේපර්ස් වෙබ් අඩවියක්. මෙහි ඇති සර්ච් පහසුකම භාවිතා කර ඔබ කැමති කී වර්ඩ් එකකින් ඔබගේ සිතැඟි පරිදි වෝල්පේපර්ස් බාගත කර ගැනීමට පුළුවන්. එමෙන්ම ඔබ කැමති ප්‍රමාණයකින් වෝල්පේපර්ස් නොමිලේම ලබාගත හැකියි.
WallpapersWide

celebs, Nature, Games, HD, Movies, nature හෝ ඔබ කැමති ඕණෑම වර්ගයක වෝල්පේපර්ස් සොයා ගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට පුළුවන්. ඕණෑම වෝල්පේපර් එකක් 2560 x 1600 හෝ 2880 x 1880 ලෙස High Quality ලබාගත හැකියි. මේ සෑම වෝල්පේපර් එකක්ම ඔබගේ ජංගම දුරකථනයේ තිර විභේදනයට ගැලපෙන පරිදි බාගත කළ හැකි වීමද විශේෂත්වයක්.
HD Wallpapers.in

පෙර සඳහන් කර ඇති වෙබ් අඩවිසේම ගුණාත්මක භාවයෙන් යුත් වෝල්පේපර්ස් බාගත කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් වෙබ් අඩවියක් ලෙස මෙය සැලකිය හැකියි.
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි