Monday, September 30, 2013

යුටියුබ් වීඩියෝවක් ජනප්‍රිය කරගමු

Pramuditha Madusanka | Monday, September 30, 20136:27 PM | |


වීඩියෝවේ මාතෘකාව කිවර්ඩ් වලට ගැලපෙන ආකාරයට යොදා ගැනීම
වීඩියෝවේ වැදගත්ම අංගයක් වන්නේ එහි මාතෘකාවයි. මෙහිදී කිවර්ඩ් වලට අදාල ලෙස මාතෘකාව යොදා ගැනීමෙන් සර්ච් කිරීමේදී වඩා පහසුවෙන් අපේ වීඩියෝව හසු කර ගැනීමට හැකිවේ. තවද අදාල කිවර්ඩ් දෙසැරයක් හෝ තුන්සැරයක් ඇතුලත් වනසේ වීඩියෝවේ ඩිස්ක්‍රීප්ෂන් තුලට ඇතුලත් කරගැනීමද වාසිදායක වේ. 

වෙනත් යුටියුබ් වීඩියෝ වල කොමන්ට් කිරීම 
මෙහිදී ඔබගේ අදහස් වලට කැමති වන අය ඔබ කව්ද යන්න සොයා බැලීමට පෙළබේ.මෙහිදී ඔවුන් ඔබගේ ප්‍රොෆයිල් එක තුලට පැමිණෙන අතර නිරායාසයෙන්ම ඔබගේ වීඩියෝ නැරබීමට පෙළබේ. ඔබගේ වීඩියෝ ඔවුන්ට වැදගත්නම් ඔවුන් ඔබව සබ්ක්‍රයිබ් කරගන්නා අතර දිගින් දිගට ඔබගේ වීඩියෝ නැරබීමට පෙලබෙනු ඇත.

වීඩියෝවේ ධාවන කාලය
මෙය තීරණාත්මක සාධකයකි. වඩාත් දිග වීඩියෝ නැරබීමට උනන්දු වන අය ඉතාමත්ම විරල වේ. මෙය අප වටහාගත යුතු වැදගත් කාරණයකි. වැඩි වැල් වටාරම් නැති කෙටි වීඩියෝ සකස් කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. මට තේරුම් ගිය ආකාරයට විනාඩි 02 ත් 03 ත් අතර කාලය සාර්ථක ප්‍රතිපල අත්කරදෙයි. 

වීඩියෝවක් ෂෙයාර් කිරීමට සුදුසු වෙලාවක් තීරණය කිරීම
අප බොහෝ දෙනා කාර්ය බහුල පුද්ගලයින් වේ. කාර්යාල වල රාජකාරි කරන අය බොහෝ විට දහවල් කෑම පැයට සහ හවස 7න් පසු අන්තර්ජාලය බාවිතා කිරීමට පෙළබේ. සෙනසුරාදා ඉරිදා සවස් වරුව බොහෝ වාසිදායක වේ. මෙය අත්හදා බැලීමෙන්ම වටහාගත යුතු කරුණකි.

තත්වයෙන් උසස් වෘර්තිය මට්ටමේ වීඩියෝ නිර්මාණය කිරීම
අපගේ වීඩියෝව නිර්මාණශීලි ලෙස සහ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන්නේ නම් එම වීඩියෝ නිරායාසයෙන්ම ජනප්‍රිය වේ. එම නිසා හැකි උපරිම ලෙස උසස් නිමාවේ වීඩියෝ සකස් කිරීමට උනන්දු වෙන්න.

ඉහත සදහන් කර ඇති කරුණු කාරනා සාර්ථක ලෙස ඉටු කරන්නේ නම් නිරායාශයෙන්ම ඔබගේ වීඩියෝ ජනප්‍රිය වනු ඇත. එමගින් ඔබගේ වීඩියෝ චැනලය සබ්ක්රිබ් කරන පිරිස වැඩි වන අතර ඔබගේ වීඩියෝ වල නරබුම් වාර ගණනද ඔබ නොහිතන ලෙස ඉහල යනු ඇත.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top