Saturday, September 28, 2013

What Google+ මොනාද මේ ගුගල් ප්ලස් කියන්නෙ

Pramuditha Madusanka | Saturday, September 28, 20139:25 PM | |

   සුභ දහවලක් ප්‍රාර්ථනා කරනවා ඔක්කොම දෙනාට , ඉතින් කොහොමද සැප දුක එහෙම....මට මේ සති අන්තයට නම් කිසිම දෙයක් එකතු කරන්න බැරි උනා එ උනාට අමිල සහොදරයා හොඳ බ්ලොග් පොස්ට් එකක් එකතු කරලා තියෙනවා......ලොකු Email Attachments කොහොමද යවන්නෙ කියලා...ඉතින් එක නම් ගොඩක් වැදගත් කරුණක් ඉතින් අමිල සහොදරයට ගොඩක් ස්තුති කරනවා ශ්‍රි ලංකා Online එක වෙනුවෙන් මම... හරි අද කතා කරන්න යන්නේ ගිය සතිය පුරාවට කතා කෙරුනු මාතෘකාව ගැන.... මොකක් ද මේ ගුගල් එකෙන් පටන් ගන්න යන සොෂල් නෙට්වර්ක් එක කියලා. ඉතින් මටත් හිතුනා ටිකක් එ ගැන කතා කරන්න...... ගුගල් ආයතනය පටන් ගන්න හදනවා අලුත් සොෂල් නෙට්වර්ක් එකක් මෙකේ නම ගුගල් ප්ලස්(+) කියලා තමා දාලා තියෙන්නෙ....නම නම් ටිකක් අමුතුයි වගේ ගොඩක් විට ඉස්සරහට නම වෙනස් කරයි කියලා කියනවා....ඉතින් මෙක ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති මොකද මෙක තාම පර්යෙශන මට්ටමේ තියෙන දෙයක් නිසා....සමහරුන්ට නම් ඊ මෙල් එකක් ඇවිත් ඇති Join වෙන්න කියලත්....ඉතින් මේ ඊ මෙල් සමහරුන්ට විතරක් එන්නෙ මොකද කියලත් කියන්නම්..... ඔයාලා දන්නවා ගුගල් කියන වෙබ් පිටුව භාවිත කරන පිරිස කොච්චරක් ද කියන එක... ඉතින් මේ ඔක්කොම ඇවිත් පර්යෙශන මට්ටමේ තියෙන වෙබ් පිටුවේ රෙජිස්ටර් උනොත් වෙබ් පිටුවට දරා ගන්න බැරිව යයි කියලා තමා සමහරුන්ට විතරක් මේ ඊ මෙල් යැවීම සිදු කරන්නේ.... ඉතින් ගුගල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඊ මෙල් කුට්ටි වශයෙන් අරන් තමා මෙක එවන්නේ... හරියටම කුට්ටියක තරම නම් දන්නේ නැහැ...එත් දන්න විදියට නම් ඊ මෙල් හදා ගත්තු දින සහ පාවිච්චි වෙනවද කියලා බල්ලා තමා එවනවා කියන්නේ...ඉතින් තාම මටවත් ආවේ නැහැ...හැබැයි ආපු අය නම් ආඩම්බරෙන් කතා කරනවා....ඉතින් එ අයට දැන ගන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ.... එ උනාට අපිට අත්හදා බලනකන් ඉන්නම බැරි නම් ඊ මෙල් ලිපිනය ගුගල් එකට දෙන්න පුලුවන් ඉඩක් ලැබුනු හැටියේ අපිටත් රෙජිස්ටර් වෙන්න අවස්ථාවක් දෙන්න කියලා..හික් හික් https://services.google.com/fb/forms/googleplus/ ඉහල ලින්ක් එක භාවිත කරලා ගුගල් ආයතනයට දන් වන්න අපිටත් ඔනේ ඔක මොකක්ද බලන්න කියලා... ඉතින් මොනාද මෙකේ තියෙන එවා කියලත් බලමු..... පලවෙනියටම තියෙන්නෙ Circles කියන එක..ඉතින් මෙක ෆෙස්බුකියේ Status වලට සමාන කරන්න පුලුවනි...හැබැයි එකට වඩා මෙකෙන් අපිට ප්‍රයොජනයක් ගන්න පුලුවන් දෙවල් ටිකක් තියෙනවා....Fb Status එකක් දැම්මම ඔක්කොම දෙනාට පෙන්නේ අපි පොදුවෙ දාන Status එකනේ...හැබැයි මේ Circles කියන එක භාවිත කරලා යාලුවො කාණ්ඩ කරලා, කාණ්ඩ වලට අවශ්ය විදියට අපේ Status එක දාන්න පුලුවනි... නරක නැහැ නේ අදහස... ඊලඟට Hangouts කියන එක...මෙක ඉතින් කරන්නේ Video Conference කරන්න පුලුවන් එකක්.......ගුගල් සමාගම කොහොමත් මෙක සපයන නිසා වැඩි වියදමක් යන්න නැතිව ඇති මෙක ස්ථාපනය කරන්න... ඊලඟට Instant Upload කියලා තියෙනවා ෆොටො එක පාර Profile එකට එවන්න... එක ඉතින් කොහොමත් ෆෙස්බුකියෙ තියෙනවනේ... ඊලඟට Spark කියලා තියෙනවා මෙකට අපි ටොපික් එකක් දුන්නම එකට අදාල දෙවල් අපිට පෙන්නනවා.....ගුගල් සර්ච් එකේ ඇඩ්වාන්ස් සර්ච් වගේ තමා... ඊලඟට Huddle කියලා තියෙනවා මෙකෙන් කරන්නේ ගෘප් චැට් එකක් හදා ගන්න පුලුවන් යාලුවො එක්ක..... ඉතින් ඔවා තමා දැනට හඳුන්වා දෙන්න යන විශේෂාංග...ඉතින් තවත් එවා එයි කියලා තමා කියන්නේ...ඉතින් එවාත් ආවාම සහ ඔක්කොටම යන්න පුලුවන් විදියට හැදුවම තව කතා කරමුකො...අහ්හ් එ වගෙම සෑම දවසකම හවස 4 ඉඳන් 6 දක්වා දෙරණ FM එකෙන් යනවා තාක්ෂණික වැඩසටහනක්.....එකත් අද අහන්න එකේත් ගොඩක් වැදගත් දෙවල් කතා වෙනවා සහ ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දෙවල් කතා කරනවා...වෙලා තිබුනොත් අනිවා අහන්න....

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top