Tuesday, October 15, 2013

YoyTube වීඩියෝ වලින් GIF ඇනිමේෂන් විනාඩියෙන් සාදන්න

Pramuditha Madusanka | Tuesday, October 15, 20136:01 AM | | |

මීට අවුරුදු ගණනාවකට කලින් GIF ඇනිමේෂන් පින්තූර ඉතාමත් ජනප්‍රියව පැවතියා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෑත කාලයේ ඒවාට එතරම් ජනප්‍රියත්වයක් හිමිවුනේ නැහැ. එහෙත් නැවතත් අන්තර්ජාලයේ ජනප්‍රිය අංගයක් වීමට GIF ඇනිමේෂන් පින්තූර වලට හැකියාව ලැබී තිබෙනවා. දැන් ඔබට ඕණෑමYouTube වීඩියෝවක් ඉතාමත් පහසුවෙන් GIF ඇනිමේෂන් එකක් ලෙස සකස් කර ගන්නට පුළුවන්.
මේ සඳහා අප භාවිතා කරනේ ගූගල් ක්‍රෝම් සදහා ඇති එක්ස්ටෙන්ෂන් එකක්. එය MakeGIF Video Capture නමින් හැඳින් වෙනවා. මෙය භාවිතා කිරීම ඉතාමත් පහසුයි. මෙමගි YouTube වීඩියෝ එකේ ඇති ඕණෑම කොටසක් තෝරගෙන එය ඇඉමේෂන් එකක් බවට පත් කරගත හැකියි. මුලින්ම ඔබගේගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කොට පහත සබැඳියට ගොස් මෙම එක්ස්ටෙන්ෂන් එක ස්ථාපනය කරගන්න.
ස්ථාපනය කළ පසු ඔබගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය වෙත පහත රූපයේ පරිදි අලුත් අයිකන් එකක් එක් වී තිබෙනු දක්නට ලැබේවි. මීළඟට Youtube හෝ Vimeo වෙත යන්න. ගොස් ඔබ කැමති වීඩියෝවක් විවෘත කරන්න. එවිට HTML 5 වීඩියෝ ප්ලෙයරයට මාරු වන ලෙස පණිඩිඩයක් ඔබට ලැබේවි. එය OK කරන්න.
MakeGIF1
OK ක්ලික් කළ පසු එය Full Screen වීඩියෝ එකකට මාරු වනවා. ඔබට අවශ්‍ය ස්ථානයේදී Start ඔබා අවශ්‍ය කොටස අවසන් වූ පසු Done බට්න් එක ඔබා අවශ්‍ය කොටස පමණක් capture කරගත හැකියි.
MakeGIF2
Capture වීමේදී භාවිතා වන recording quality, size, FPS ආදී සෙටිංග්ස් පහත රූපයේ පරිදි වෙනස් කරගත හැකියි.
MakeGIF3
Capture කළ අවසන් වූ පසු පහත පරිදි capture වූ කොටසෙහි preview එකක් ඔබට දර්ශනය වනවා. එමගින් එක ෆ්‍රේම් එක බැගින් නිරීක්ෂණය කොට අනවශ්‍ය කොටස් ඉවත් කර ගැනීමට, අකුරු එකතු කිරීමට ආදී විවිධ දෑ කළ හැකියි.
MakeGIF4
සියලු සැකසුම් අවශ්‍ය ආකාරයට සකස් කළ පසු Generated GIF ඔබන්න. එවිට GIF එක සෑදීම ආරම්භ වනවා.
MakeGIF5
අවසානයේ එය ඩවුන්ලෝඩ් කරගෙන ඔබගේ මිතුරන් සමඟ බෙදාගැනීමට පුළුවන්.
animation (1)

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top