Wednesday, October 9, 2013

හැදෙන හැටි…III : Pacific Rim (2013) | රොබෝ යුද්ධයට ඔබ ලැහැස්තිද?

Pramuditha Madusanka | Wednesday, October 9, 20135:49 AM | |

ඔබට වෙරළ තිරයේ මිදුම පිරුන උදෑසනක අවිදයනකොට මොනවාද හිතෙන්නේ? දැන් නම් හිතෙන්නේ මේකට පිස්සු විකාර අහනවා කියලා. ඔන්න එක මිනිහෙක් දකිනවා මිදුම අතරින් මුහුදු ජලය දෙබෑකරගෙන ඉහලට එන විශාල සත්වයන් පිරිසක්…. මේ පිස්සා එතනින් නතර වෙන්නේ නැහැ මේකට පේනවා අනික් පැත්තෙන් යෝධ යන්ත්‍ර සටනට සුදානමෙන් ඉන්න හැටි… ඔන්න ඔහොමයි මේ කතාව ලොව මැවෙන්නේ… ඒ Travis Beacham පිටපතක්…. මේ සියල්ල ඔහු සිතින් මවාගෙන තියෙන්නේ කැලිෆෝනියාවේ මම අර මුලින් කීවා වගේ උදෑසනක ඇවිදිමින් ඉන්නකොට. අමුතු සිතුවිල්ලක් විශිෂ්ට චිත්‍රපටයක්. 
ඇත්ත විදිහට සමානම විදිහේ රොබෝ නියමු කුටියක්  නිර්මානයය කරනු ලැබුවා  වේදිකාවක් මත ටොරොන්ටෝ වල ඇති පයින්වුඩ් චිත්‍රාගාරය තුල. එහි බර රාත්තල් ටොන් 20ක් පමණ වූ අතර උස බොහෝදුරට තට්ටු 4 ක ගොඩනැගිල්ලක උසට සමාන උනා. එය නිර්මාණය කල අතිවිශාල වේදිකාව හයිඩ්‍රෝලික් මඟින් චලනය කරන්න, හොලවන්න, කම්පනය කරන්න, වට්ටවන්න, සහ පද්දවන්න හැකි වන සේ නිර්මාණය කර තිබුනා හරියට ඇත්තම නියමු කුටියක යන්ත්‍රය පාලනය කරනවා යන හැඟීම ඇති වන විදිහට. ඊට අමතරව තලය පවා හැඩගන්වා තිබුනා රොබෝ යන්ත්‍රයක පසුබිමට සරිලන පරිදි.
ඊයෙගර් වරුන් හා කයිජු මුර්ගයන් බිහිවීම සිනමාවේ මෙවන් චරිතවල පරිණාමයකි.
එතනින් නොනවතින මේ මනස්ගාත “කයිජු” යන වදනෙන් පණ ලබනවා. ඒ වචනේ ඇත්තටම ජපන් භාෂාවට හැරෙව්වොත් යෝධ මෘගයන් යන්න. ඉතින් ඔවුන් හා සටන් වදින්නේ “ඊයෙගර්” වරුන් ඒක ජර්මානු වචනයක් තේරුම වෙන්නේ දඩයක්කරුවා කියන ඒක. මේක තමයි Guillermo del Toro හා ඔහුගේ කැමරා ශිල්පියා වන Guillermo Navarro මුල්ම සංඛංක කැමරා අත්දැකීම. නමුත් Guillermo Navarro කැමති වෙලා නැහැ මේ වෙනුවෙන් කැමරා කුලියට ගන්න, ඔහු අලුතෙන්ම කැමරා 07 මේ වෙනුවෙන් මිලට අරගෙන තමන්ගේම කාච යොදාගෙන තමයි මුළු සලරුවම නිර්මාණය කොට තියෙන්නේ.  
ජිප්සී ඩෙන්ජර් තීන්ත ආලේප කර සහ සවිස්තරාත්මක කරනු ලැබුවා දෙවන ලෝක යුධ සමයේ යුධ ගුවන් යානයකට සමාන වන ලෙසටම.එහි පපුව පෙදෙස නාසයක හැඩයක් ගනු ලබනවා. ජිප්සී ඩෙන්ජර් යන නාමය ලැබීමට හේතුව “de Havilland Gipsy” යන ගුවන් යානා එන්ජිමයි.එමඟින් දෙවන ලෝක යුධ සමයට සරාණිය ශීර්ෂ ප්‍රණාමයක් ලබා දෙන්නටත් එමඟින් මහත් අනුබලයක් ලැබී තිබෙනවා මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට. මේ අධ්‍යක්ෂක වරයා තමන්ගේ අතට ලැබුන පිටපතට පණ දෙන්න උදාහරණ අරගෙන තියෙන්නේ එහෙම නැත්නම් මොකුත්ම තමන් විසින් නිමවන්න කලින් නිමවා තියන දෙයක් බලාගෙන තියෙන්නේ ලෝකේ බොහොම විශිෂ්ට කළා කරුවන් දෙදෙනෙක්ට පින් සිද්ධ වෙන්නේ. ඒ තමයි  Francisco Goya ගේ  ”The Colossus” හා Hokusai ගේ ”The Great Wave off Kanagawa” කියන සිතුම දෙක.
Francisco Goya ගේ “The Colossus” සිතුවම.
Hokusai ගේ “The Great Wave off Kanagawa” සිතුවම










සුපිරි නළු Tom Cruise තමයි මුලින් සේනාධිපතිතුමා වෙන්න තෝරාගෙන තිබ්බේ නමුත් අවාසයේ සේනාධිපතියා වුනේ Idris Elba. වෙනදා හැදෙන හැටි ලිපියකට වඩා මේ ලිපිය දිගයි මොකෝ කරුණු ටිකක් වැඩියෙන් හොයන්න තරම්ම මේ නිර්මාණය හිතට ඇල්ලුවා. මගේ මතය නම් මේ වසරේ මෙතෙක් ආව හොදම ක්‍රියාදාම, විද්‍යාප්‍රබන්ධ සලරුව වෙන්නේ මේක. ඉතින් දැන් එහෙම කියෙව්වා ඇති මේකත් හැදෙන හැටි බලලාම යන්න. මේකේ රුපරාමුත් ටිකක් වැඩියෙන් ඇති හැබැයි….
මේක අපි හැමෝටම බලන්න හැකි වෙන්න Pacific Rim (2013) | රොබෝ යුද්ධයට ඔබ ලැහැස්තිද? සිංහලෙන් අපිට සමිපකල හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තුතිවන්ත වෙන ගමන් මම යනවා තවත් සුපිරි චිත්‍රපටයක් හැදෙන හැටි බලමු ආයෙත් ඉක්මනට.  

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top