Wednesday, October 16, 2013

ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග

Pramuditha Madusanka | Wednesday, October 16, 201312:22 AM | | | | |

අප සංනිවේදන කටයුතු සඳහා විවිධ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් භාවිතා කරනවා. ඒ අතරින් ජංගම දුරකථනය සුවිශේෂයි. ජංගම දුරකථන අතර සංනිවේදන කටයුතු සඳහා දුරකථන ජාල මෙන්ම, Bluetooth, WiFi සහ NFC වැනි තාක්ෂණයන් භාවිතා කරනවා. ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූපයක් තවත් ජංගම දුරකථනයකට යැවීම සඳහා ඔබ Bluetooth භාවිත කරන්නේනම් ඒ සඳහා දුරකථන දෙක pair කළ යුතුයි. WiFi වලදී නම් එය තවත් සංකීරණ කටයුත්තක්. නමුත් දැන් ජංගම දුරකථන අතර දත්ත හුවමාරුව සඳහා සරළ ශබ්ද තරංග (Sound) යොදාගත හැකියි.
thoths
thoths
Chirp ලෙස හඳුන්වන මෙම ඇප් එක කලක සිටම iOS සඳහා ජනප්‍රියව තිබෙනවා. නමුත් දැන් එය Android මෙහෙයුම් පද්ධතිය සඳහාද සහය දක්වනවා. ඔබගේ දුරකථනයේ ඇති හඬ ඇසීමේ සහ හඬ නැංවීමේ පහසුකම අපූර්ව ආකාරයෙන් Chirp විසින් භාවිතා කර තිබෙනවා. සරළව පැවසුවහොත් මෙහිදී සිදුවන්නේ ඔබට අනෙක් දුරකථනයට යැවීමට අවශ්‍ය ගොණුව ඩිජිටල් ශබ්දයක් බවට පත් කිරීමයි. ඉන් අනතුරුව එම ශබ්ධය වාදනය කෙරෙනවා. එය ශ්‍රවණය කරන Chirp සහිත අනෙක් දුරකථනය එම හඬ නැවත අදාල ගොණුව ලෙස පරිවර්ථනය කරගන්නවා. මේ ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
sinhala pc apps

Install
සෑම Chirp හඬක්ම පාගේ තත්පර දෙකකට අඩුයි. එමනිසා Chirp බ්ලූටූත් තාක්ෂණයට වඩා ඉක්මනින් භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම මෙය භාවිතා කිරීම සඳහා විශේෂ දෘඩාංගයන් ඔබගේ දුරකථනයේ තිබිය යුතු වන්නේත් නැහැ.
මේ පිළිබඳ කියවීමේදී ඔබට ප්‍රශ්නයක් පැන නගින්න ඇති. බාහිර ශබ්ධ තිබෙන පරිසරයකදී මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයිද ? Chirp හි නිර්මාණ කරුවන් පවසන පරිදි එසේ වන්නේ නැහැ. Chirp වෙතින් වාදනය වන ශබ්ධය ඔබට ඇසිය හැකිනම් අනෙක් දුරකථනයටද එය ඇසීමට හැකියි. ඔවුන් මෙය නිපදවා තිබෙන්නේ බාහිර ශබ්ද සමඟ මනාව ක්‍රියාත්මක වන ආකාරයටයි.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top