Wednesday, October 16, 2013

පරිගණකය ඔන් වීමට යන කාලය අවම කර ගැනීමට මෘදුකාංගයක්

Pramuditha Madusanka | Wednesday, October 16, 201312:10 AM | | | |

කාලයක් තිස්සේ පරිගණකයට මෘදුකාංග ස්ථාපනය කරන විට පරිගණකය මන්දගාමී වන බව ඔබ අත්දැක ඇතුවාට නිසැකයි. පරිගණකය බූට් වීමට ගතවන කාලය කල් යත්ම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔබ ස්ථාපනය කරන මෘදුකාංග මෙහෙයුම් පද්ධතියේ start up ලයිස්තුව වෙත විවිධ සේවාවන් එක් කිරීම මෙයට එක් හේතුවක්. ඔබට අත්‍යවශ්‍ය සේවාවන් ඉතිරි කොට අනෙක්වා ඉවත් කිරීමෙන් පරිගණකය ඔන් වීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අවම කරගත හැකියි. මේ සඳහා අපට උදව් වන පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් ගැන මෙම ලිපියෙන් විමසා බැලෙනවා.
thumb_template
Anvi Startup Booster නමින් හැඳින්වෙන මෙම මෘදුකාංගය නොමිලේ බාගත කළ හැකි මෘදුකාංගයක්. startup ලයිස්තුවෙන් අනවශ්‍ය වැඩසටහන් හා සේවාවන් ඉවත් කිරීමට, services, system settings සහ network settings optimize කිරීමට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකියි. නිවැරදි ආකාරයෙන් මෙය භාවිතා කිරීමෙන් මන්දගාමීව බූට් වන ඔබේ පරිගණකය ඉක්මනින් බූට් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. Anvi Startup Booster නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.
 Free Download sinhala pc softwerea
12MB
මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපනය කරගන්න. මෙහි පළමු ධාවනයේදී මෘදුකාංගය විසින් ඔබගේ පරිගණකය ස්කෑන් කිරීමකට ලක් කරනවා. අනතුරුව පරිගණකයේ බූට් වීමේ වේගය වැඩි කර ගැනීමට ඔබට භාවිතා කළ හැකි විකල්පයන් ගෙනහැර දැක්වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙහි කොටස් 4ක් දක්නට ලැබෙනවා. භාවිතා කළ හැකි විකල්ප වල සාරාංශය දක්වන Home ටැබයක්, වැඩි විස්තර සහිතව ඇති startup සහ service ටැබ් දෙකක් ඒ අතර වනවා.
StartupBooster
start up ටැබ් එක මගින් පරිගණකය ක්‍රියාතමක් වීමේදී ධාවනය වූ වැඩසටහන් සහ එයට ගතවූ කාලය පෙන්වනවා. නමුත් මෙම කාලය ඉතාමත් නිවැරදි වන්නේ නැහැ. කෙසේ වෙතත් එමගින් ඔබගේ පරිගණකය ඔන් වීමේදී වැඩියෙන් කාලය ගත වූයේ කුමක් සඳහාදැයි අදහසක් ඔබට ලැබෙනු ඇති. නම් වලට ඉදිරිපසින් ඇති slider එක භාවිතා කරමින් ඔබට අනවශ්‍ය වැඩසටහන් ක්‍රියාවිරහිත කිරීම සිදු කළ හැකියි.
Startup
services ටැබ් එකෙන් පරිගණකය ක්‍රියාත්මක වීමේදී ධාවනය වූ සේවාවන් පෙන්වනවා. පෙර පරිදිම ඔබට අනවශ්‍ය යැයි හැඟෙන සේවාවන් ක්‍රියා විරහිත කරන්න.
restore ටැබ් එක හරහා මෙම මෘදුකාංගය මගින් සිදු කළ වෙනස්කම් නැවතත් තිබූ තත්ත්වයටම පත් කිරීමට පුළුවන්.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top