Saturday, October 12, 2013

මේ වසරේ ලොව වේගවත්ම මෝටර් රථ 10

Pramuditha Madusanka | Saturday, October 12, 201310:52 PM |

මෝටර් රථ වලට කැමති අය අප කා අතරත් සිටිනවා. එවැනි අය ගේ කැමැත්ත හා දැනුම වෙනුවෙන් ලොව වේගවත්ම මෝඨර් රථ 10 අප මේ ලිපියේ පෙළ ගැස්වූවා. පැයට කිලෝමීටර 351ක වේගයක් ඇති Maybach Exelero සිට ලොව වේගවත්ම මෝටර් රථය ලෙස ගින්ස් වර්ථාව උසුලන Bugatti Veyron Super Sport මෝටර් රථය දක්වා විවිධ මෝටර් රථ ගැන රසවත් තොරතුරු රැසක් මෙහි අඩංගු වෙනවා.

10) Maybach Exelero   351 km/h

Maybach-Exelero
10 වන ස්ථානය හිමි වන මෙම මෝටර් රථය මෙම ලයිස්තුවට නොගැලපෙනවා යැයි සිතන්නටත් පුළුවන්. එයට හේතුව Maybach Exelero මෝටර් රථ නිපදවා ඇත්තේ ගණනින් එකක් පමණක් වීමයි. ආසන දෙකේ වාහනයක් වන මෙය පණ ගැන්වෙන්නේ ට්වින් ටර්බෝ V12 ඇන්ජිමකින්. Fulda Tires ආයතනය මගින් නිපදවන් ටයර් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කිරීමට මෙම මෝටර් රථය නිපදවා තිබෙනවා.

9) Aston Martin One-77  354 km/h

aston-martin-one-77
දොර දෙකේ මෝටර් රථයක් වන මෙය මුල් වරට කරළියට පැමිණියේ 2008 වසරේ පැරිස් මෝටර් ෂෝ හි දීයි. නමුත් මෙය සම්පූරණ වශයෙන්ම අනාවරණය වන්නේ 2009 ජිනීවා මෝටර් ෂෝ මගින්. මෙම මෝටර් රථ නිපදවා තිබෙන්නේ 77ක් පමණයි. එකක් $ 1,796,530 බැගින් අළෙවි කර තිබෙනවා. ලීටර 7.3 V12 එන්ජිම සහ කාබන් ෆයිබර් monocoque චැසිය මෙය ලොව ප්‍රභලම මෝටර් රථ වලින් එකක් බවට පත් කර තිබෙනවා. තත්පර 3.5කදී පැයට සැතපුම් 60ක වේගයක් ලබාගන්නට One-77ට හැකියි. Asphalt, NFS සහ GT Racing වැනි පරිගණක ක්‍රීඩා වලද මෙම වාහනය දක්නට තිබෙනවා.

8) Gumpert Apollo    360 km/h

gumpert-apollo
4163 cc bi-turbo intercooled එන්ජිමකින් මෙය බල ගැන්වෙනවා. මේ ලයිස්තුවේ බොහෝ වාහන මෙන් මෙයත් ආසන දෙකකින් සමන්විතයි. ජර්මානු සමාගමක් වන Gumpert Sportwagenmanufaktur GmbH විසින් මෙයනිපදවා තිබෙනවා. මෙහි සඳහන් කළ යුතු තවත් වැදගත් දෙයක් වන්නේ මෝටර් රථ ධාවන තරශ වලට වැඩියෙන් භාවිත වුවත් Apollo යනු street legal මෝටර් රථයක් වීමයි.

7) Lamborghini Aventador 370 km/h

Lamborghini-Aventador
ඩුබායි පොලීසියේ ඇති මෝටර් රථ Lamborghini Aventador මෝටර් රථයි. මෙය වේග 7කින් සමන්විත single-clutch හා semi-automatic මෝටර් රථයක්. මුල් වරට මෙය කරළියට එනේ 2011 ජිනීවා මෝටර් ෂෝ හිදීයි. මෙහි සංස්කරණ කිහිපයක්ම Lamborghini සමගම විසින් නිකුත් කර තිබෙනවා. 2013 ෂැංහායි මෝටර් ෂෝ හි හදුන්වා දුන් Aventador LP 720-4 50° Anniversario මෝටර් රථයෙන් ඔවුන් නිපදවා ඇත්තේ 100ක් පමණයි.

6) Pagani Huayra   372 km/h

huayra
ජනප්‍රිය Pagani Zonda මෝටර් රථයෙන් අනතුරුව නිකුත් වන Pagani Huayra මෝටර් රථයත් ජනප්‍රියත්වයට පැමිණ තිබෙනවා. Mercedes Benz 5,980 cc ට්වින් ටර්බෝ එන්ජිමක් මෙය සතුයි. තවද 730 metric horsepower බලයක් එම එන්ජිම මගින් නිපදවෙනවා. මෙහි වටිනාකම $1,300,000ක් පමණ වනවා. මම මෝටර් රථය ඉතාලියේ නිශ්පාදනයක්. තත්පර 3.3කදී පැයට සැතපුම් 60ක වේගයකට ළඟාවීමට Huayra  ට හැකියාව තිබෙනවා.

5) Zenvo Automotive ST1 375 km/h

2009-zenvo-st1
2004 වර්ෂයේ ආරම්භ වූ අලුත් සමාගමක් වන Zenvo සමාගමේ නිශ්පාදනයක් වන මෙම සුපිරි මෝටර් රථයෙන් ඔවුන් නිපදවා තිබෙන්නේ 15ක් පමණයි. Turbocharged සහ Supercharged 7.0L V8 ඇන්ජිමකින් පණ ගැන්වෙන Zenvo මෝටර් රථය වේග 6කින් සමන්විතයි. ඩොලර් මිලියන 1.8කට පමණ මෙහි මිළ නියම වී තිබෙනවා.

4) SSC Ultimate Aero XT 414 km/h

SSC-Ultimate-Aero
Bugatti Veyron මෝටර් රථයේ ආගමනයට පෙර Shelby Super Cars හෙවත් SSC ආයතනය ලොව වේගවත්ම මෝටර් රථ නිශ්පාදන සමාගම ලෙස ගින්ස් වාර්ථාව ලබාගෙන සිටියා. ලීටර 6.94 ට්වින් ටර්බෝ එන්ජිමකින් Aero මෝටර් රථය බල ගැන්වෙනවා. තත්පර 2.78 කින් පැයට සැතපුම් 60ක වේගයක් ලබා ගැනීමට එම බලය ප්‍රමාණවත්.

3) Koenigsegg Agera 418 km/h

agera
ස්වීඩන නිශ්පාදනයක් වන මෙම මෝටර් රථය මිලින්ම කරළියට පැමිණියේ ලීටර 4.7 V8 එන්ජිමක් සමඟ වුවත් පසුව එය ලීටර 5 ට්වින් ටර්බෝ එන්ජිමකට මාරු කර තිබෙනවා. තත්පර 3.1කින් පැයට සැතපුම් 62ක වේගයක් ලබා ගැනීමට මෙම මෝටර් රථයට පුළුවන්. මෙම මෝටර් රථයේ 2013 සංස්කරණය මගින් කාබන් ෆයිබර් රෝද සහ මෙහි හැඩය ගැන තවදුරටත් අවධානය යොමු කරන බව සමාගම පවසනවා. අනෙක් සුපිරි මෝටර් රථ මෙන් නොව සුළගේ ප්‍රථිරෝධය මැඩලීමට මෙහි දී වායු පීඩනය යොදාගෙන තිබෙනවා.

2) Hennessey Venom GT   427 km/h

Hennessey-Venom-GT-Spyder
ලොව “quickest modified production car” එක ලෙස ගිනස් වර්ථාව පිහිඔට වීමට සමත් වී ඇත්තේ මෙම Venom GT මෝටර් රථයයි. තත්පර 13.63 කදී පැයට සැතපුම් 300ක වේගයකට ළඟා වීම එම වාර්ථාවට මං පාදා තිබෙනවා. නවීකරණය කරන ලද lotus exige චැසියකින් සහ බොඩි එක මෙම මෝටර් රථයේ බර අඩු බවට උර දී තිබෙනවා. ලීටර 7.0 ට්වින් ටර්බෝචාජ්ඩ් එන්ජිමක් මෙම මෝටර් රථයට බලය සපයනවා.

1) Bugatti Veyron Super Sport 431 km/h

modern-bugatti-veyron-super-sport
මෙම ලයිස්තුවේ මුල් තැන හිමි වන්නේ Bugatti Veyron Super Sport මෝටර් රථයටයි. ප්‍රංශයේ Bugatti Automobiles ආයතනය විසින් මෙය නිපදවා තිබෙනවා. මෙය ලොව තිබෙන වේගවත්ම (Street-Legal) මෝටර් රථයයි. Veyron හි සංස්කරණ 4ක් නිකුත් වී තිබෙනවා. Sang noir, Black carbon, 2011දී නිකුත් වූ  Merveilleux සහ 2012දී නිකුත් කළ Le Saphir Bleu ඒවායි.


If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top